Sat. Jun 28th, 2025

යුරෝපයේ ගුවන් තොටුපළ ආශ්‍රිත වායු දූෂණය මිලියන 52කගේ සෞඛයට බලපායි

Jun27,2024

යුරෝපයේ ගුවන් තොටුපළ ආශ්‍රිත වායු දූෂණය මිලියන 52කගේ සෞඛයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ගුවන් යානා වලට භාවිතා කරන ඉන්ධන දහනයේ දී නිකුත් වන ක්ෂද්‍ර අංශු වායු ගෝලයට එක්වීම තුළින් මිනිස් සෞඛ්‍යයට දැඩි අවදානමක් ඇති විය හැකි බවයි එම සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ.

මෙම අංශු මිනිස් හිසකෙසකට වඩා දහස් ගුණයකින් කුඩා වන අල්ට්‍රාෆයින් අංශු ලෙස හැදින්වෙනවා.

ගුවන් යානා ගුවන් ගතවීමේ දී හා ගොඩ බෑමේ දී මෙම අංශු වායු ගෝලයට එක්වන බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

අතිශය කුඩා වීම හේතුවෙන් එම අංශුන්ට මිනිස් සිරුරේ පටක හරහා පහසුවෙන් විනිවිද ගමන් කළ හැකි වන අතර එමගින් මිනිස් සිරුරේ ක්‍රියාවලියන්ට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව ද එහි සදහන්.

යුරෝපයේ කාර්ය බහුලම ගුවන් තොටුපළ 32ක අවට වායු ගෝලයේ අදාළ අංශු අන්තර් ගත බව ද සොයා ගෙන තිබෙනවා.

ගුවන් තොටුපළේ සිට කිලෝ මීටර 20 වපසරියක එම අංශු පැතිරි ඇති බව ද සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *