ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට ඊයේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් අද (27) අසනීප නිවාඩු වාර්තා කරන බව ගුරු විදුහල්පති වරුන්ගේ සංගමයේ වෘත්තීය නායකයන් ප්‍රකාශ කළා.
ඔවුන් ඒ බව පැවැසූවේ ගුරු විදුහල්පතිවරුන්ගේ තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මව්පියන්ගෙන් මුදල් අය නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඊයේ කොටුව දුම්රියපොල අසල පැවැත්වූ විරෝධතාවයකින් අනතුරුවයි.