තමන් වෙහෙසෙන්නේ නැවත කිසිදිනක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාමට අවශ්‍ය නොවන ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ (26) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මීට පෙර අවස්ථා 16ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇති නමුත් ඒ සෑම වතාවක දීම ශ්‍රී ලංකාව අසාර්ථක වී ඇති බවය.
සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. තවමත් කරනවා. නමුත් මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බෑ. අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහිවීමේ හේතුව මත තම තමන්ගේ දූදරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන්න සිදුවේවි. සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලනය නැත්නම් ඉස්කෝලේ දේශපාලනය. ඔවුන්ගේ දේශපාලනය ආර්ථික හා රාජ්‍ය දැනුම ප්‍රාථමික පන්තියෙන් ඉහළට ගිහින් නෑ. වර්තමානයේ මම ගන්නා පියවර නැවැරදියි කියලා තේරුම් ගන්න ඔවුන්ට තවත් වසර කිහිපයක් ගතවෙයි. අපේ රට IMF සහාය ලබාගත් පළවෙනි වතාව මෙය නොවෙයි. මීට කලින් 16 වතාවක් අපි IMF සහාය ලබාගෙන තියෙනවා. ඒ හැමවතාවේ ම ශ්‍රී ලංකාව අසාර්ථක වුණා. ඇයි? අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු කැඩුවා. අපේ රටේ ඉතිහාසයටම IMF වැඩ සැලැස්මක් සාර්ථක වුණ මුල්ම අවස්ථාව තමා මේ. අවසානය මෙතෙන නොවෙයි. දැන් අපිට ජාත්‍යන්තර සහතිකයක් ලැබී තියෙනවා. යළිත් ජාත්‍යන්තර විශ්වාසය ලැබී තියෙනවා. අපි එයින් ප්‍රයෝජනය ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබාගත්තොත් ආය කවදාවත් අපේ රටට IMF යන්න අවශ්‍ය නෑ. මම වෙහෙසෙන්නේ අන්න ඒ දේට. නැවත කිසිදිනක IMF යන්නේ නැතිවෙන ශක්තිමත් හා දියුණු ආර්ථිකයක් මේ රට තුළ ඇති කිරීමටයි මම වෙහෙසෙන්නේ.
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණයහිමියන්ගේ කමිටුව සමග ප්‍රංශයේ පැරිස් නුවර දී ශ්‍රී ලංකාව එකඟත්වයට එළඹුණු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ චීනයේ එක්සීම් බැංකුව සමග ද ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයට එළඹුණු බවය.
ද්විපාර්ශ්වික ණය හිමියන් සමග එකඟත්වයට පැමිණීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර විශ්වාසය සහතික කිරීමක් බව ජනාධිපතිවඑයා පවසයි.
තමන් මීට පෙර පොරොන්දු වු ආකාරයට ලංකා මාතාව නැමති දරුවා අනතුරුදායක වැල් පාලමේ ආරක්ෂිතව ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.