Sat. Jun 28th, 2025

ණය ප්‍රතිව්‍යුහගතකරණයට පැරිස් සමාජය අත්සන් තබයි

Jun26,2024

පැරිස් සමාජය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුම්වලට එළැඹීමට අදාළ සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා .

එමෙන්ම චීනයේ අපනයන ආනයන බැංකුව සහ ඇඩ් හොක් පෞද්ගලික බැදුම්කර හිමියන්ගේ කණ්ඩායම සමග ද අද ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත තිබෙනවා.

පැරිස් ඒකාබද්ධ ආධාර කණ්ඩායම් හමුවී අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුලු ශ්‍රී ලංකා දූත පිරිස මේවන විටත් පැරිසියේ රැඳී සිටිනවා.

මේ අතර අත්සන් තැබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම ලබන 2 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අභ්‍යන්තර තොරතුරු මාර්ග සදහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට ද කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළා.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *