රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
රුසියාවේ මොස්කව් අගනුවර ආසන්නයේ පිහිටා ඇති කාර්යාල ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.
ගින්නට හසුවූ එක් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 8 දෙනාගෙන් 6 දෙනෙකු ගොඩනැගිල්ල තුළ මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
අනෙක් දෙදෙනා ගොඩනැගිල්ලෙන් පිටතට පැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලේ ඉහළ මාලයන්හි ගින්න හටගෙන ඇති බවද සඳහන්.