රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් කල්මුණේ , මූතූර් , කොළඹ – 10 , කළගෙඩිහේන් සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් – 50 ත් අතර පසුවන පුද්ගලයන්වේ.
මෙම පුද්ගලයන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර ( Scan Test ) පරීක්ෂා කිරීම් වලට යොමු කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.