Sun. Jun 29th, 2025

කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍ර ගැන දැනුම් දීමක්

Jun26,2024

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා.

ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.

කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ, ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බව ත් ඒ මහතා ප්‍රකාශ කළා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *