Sat. Jun 28th, 2025

ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට

Jun25,2024

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස්කළා.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ විටින් විට වර්ෂාවෙන් තරගයට බාධා ඇති වුණා.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්වාර 19යක දී බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 114ක්.

ලකුණු 114ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දු වාර 19 අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණි.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *