Fri. Jun 27th, 2025

අනධ්‍යයන සේවක පිරිස ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් 

Jun24,2024
පාසල් අනධ්‍යයන සේවක ගැටලු‍ ගණනාවකට ම පසු ගිය වර්ෂ දෙක තුළ බොහෝ විසඳුම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව මෙම අනධ්‍යයන සේවක පිරිස කොටස් දෙකක්
(i)රජයේ ඒකාබද්ධ සේවා
(ii)ඒකාබද්ධ නොවන සේවා (පළාත් පාසල් හා ජාතික පාසල්)
මෙම සේවක පිරිස් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ක්ෂණික ව කළ නොහැකි  බවයි ඔවුන් පවසන්නේ.
මෙවන් පසුබිමක් තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හුදු දේශපාලන ප්‍රවේශයක්.
පාසල් අනධ්‍යයන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය අධ්‍යාපනය අඩාළ වීමට ඉඩ දිය නොහැකි බවද එම නිවේදනයේ සඳහන්.
මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන්, විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇති අතර  තව ද පාසල් ප්‍රජාව ද දැනුම්වත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *