රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තකරන්නේ.
එසේම පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇති බව වාර්තා වෙයි.
ආගමික උත්සවයක් ඉලක්කකර මෙම ප්‍රහාරය එල්ලකර තිබුණා.
ඩජෙස්තාන් කලාපයට මීට පෙරද ඉස්ලාමීය සටන්කරුවන්ගේ ප්‍රහාර එල්ලවුණා.
වීඩියෝ සහ ඡායාරූප මගින් ඩර්බන්ට් හි සිනගෝගයකින් විශාල ගිනිදැල් සහ දුම් පිහාටු විශාල වශයෙන් පිටවන බව පෙන්නුම් කරන අතර, මකච්කාලා හි ගොඩනැගිල්ලක ජනේලයෙන් රූගත කරන ලද දර්ශනවල දැක්වෙන්නේ කළු ඇඳගත් නාඳුනන පුද්ගලයින් වීදියක පොලිස් මෝටර් රථයකට වෙඩි තබන ආකාරයයි.
වීඩියෝ පහතින්,