යාල වනෝද්‍යානය තුළ ඉතා සූක්ෂම ලෙස වගා කර තිබු ගංජා වගාවන් දෙකක් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනමින් වැටලීමට විශේෂ කාර්ය බලකාය පියවර ගත්තා.
උඩවලව කඳවුරේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැටලීම සිදුකෙරුණා.
එහිදි පර්චස් 35ක වගාකර තිබු කංසා පැළ 6786ක් සහ තවත් පර්චස් 25ක වගා කර තිබු කංසා ගස් 5954ක් විනාශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ