Mon. Jun 30th, 2025

දරුවෙකුට පහර දුන් නරුම පියෙක් – ගහනවා වීඩියෝ කරලා රට ඉන්න බිරිඳටත් යවලා

Jun21,2024

කුඩා දරුවෙකුට අමානුෂික ලෙස වද හිංසා කළ පියෙකු ඌව පරණගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌව පරණගම ගම්පහවත්ත උඩකොටස පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයෙක්.

මොහුගේ බිරිඳ මීට මාස 06කට පමණ පෙර විදේශගතව ඇති අතර මෙලෙස දරුවාට පහර දෙන දර්ශන වීඩියෝ කර අදාළ සැකකරු විසින් බිරිඳට යවා තිබෙනවා.

එම කාන්තාව විසින් ඥාතීන්ට මේ බව දන්වා එම වීඩියෝ දර්ශන ඥාතීන්ට එවා ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *