Wed. Jun 25th, 2025

ජනපතිගේ සහ අගමැතිගේ පොසොන් පණිවිඩ

Jun21,2024

අදට (21) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමිසිංහ මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම සම්පූර්ණ පණිවිඩය මෙසේයි.

පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.

විශේෂයෙන් වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මගපෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදයද බිහි වූයේ පොසොන් පොහෝ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය.

එමෙන්ම ලෞකික, ලොව්තුරු මාර්ගය පෙන්වා දුන් ජාතික නේතෘවරයා ලෙස ද උන්වහන්සේ හැඳින්විය හැකිය.

දේශීය පොළොව මත ආහාර නිපදවා ගනිමින් වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ල හත්ථි පදෝපම සූත්‍රය අනු දැන වදාළමින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ අපේ ආදර්ශය බවට පත් කර ගත යුතුය.

එසේම මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට ඉවහල් කර ගනිමුයැයි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම නිසි ලෙසම ඉටුකරන බවට සහතික වෙමින් සැමට පිංබර පොසොන් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

 

අදට (21) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම සම්පූර්ණ පණිවිඩය මෙසේයි.

නිර්මල බුදු දහම රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ සුවිශේෂීම දිනයයි.

ජාතිය වටා නිර්මල ආගමික දර්ශනයක් පොබ කරමින් වසර දහස් ගණනක් පැවැති කෘෂිකාර්මික අර්ථ ක්‍රමය වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි සංකල්පයෙන් තවද අර්ථ ගැන්වූ යුගයක ආරම්භයයි.

ආගමික, ශාසනික, සංස්කෘතික, අධ්‍යාත්මික, පාරිසරික, සාමාජයීය හරපද්ධතීන් පමණක් නොව නවමු සංකල්පයන් රැසක් සමාජගත කළ වකවානුවයි.

ලොව කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ලක්වැසියා පෙරට ආවේ මේ මහා දර්ශනයෙහි ජීව ගුණයෙනි.

ඒ උතුම් ගුණධර්ම පෙරදැරි කොටගත් සමාජය උදෙසා වන පින්බර පොසොන් පොහෝ දින පිළිවෙතින් පෙළගැසෙමු.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *