තමන්ගේ ධුර කාලය අවසානයට පෙර ක්‍රීඩාවට ජාතික සැලැස්මක් ගෙන එන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ක්‍රීඩා පෝෂණය ගැන නිවැරදි තතුවිති නැමැති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ.
විශේෂඥ වෛද්‍ය හෂාන් අමරතුංග මහතායි මෙම කෘතිය රචනා කර ඇත්තේ.
නිලංග වීරසිංහ , මහාචාර්ය අර්ජුන් ද සිල්වා යන විශේෂඥ වෛද්‍යවරුන් ද මෙහිදි අදහස් දැක්වුවා.
උත්සවය ඇමතු හරීන් ප්‍රනාන්දු මහතා තවදුරටත් කියා සිටියේ එදා ක්‍රීඩාවට වඩා අද ක්‍රීඩාව වෙනස් බවයි.