Fri. Jun 27th, 2025

පියුමි හංසමාලි කෙටි කාලෙක් ඉපැයූ වත්කම මෙන්න – බැංකු ගිණුම් 19ක කෝටි ගණන් සල්ලි

Jun20,2024

සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයාගෙන ඇතැයි කියන නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි නමින් මෙරට ප්‍රධාන පෙළේ බැංකු අටක පවත්වාගෙන යන ගිණුම් 19ක් පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (19) බැංකු අටක කළමනාකරුවන්ට නියෝග කළා.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචිකාරියක වන පියුම් හංසමාලි රුපියල් කෝටි අටකට අධික වටිනාකමක් ඇති රේන්ජ් රෝවර් වර්ගයේ සුඛෝපභෝගී රථයක් මිලදී ගැනීම, කොළඹ හත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් රුපියල් මිලියන 148ක් ගෙවා මිලදී ගැනීම හා කෙටි කාලයක් තුළදී ප්‍රධාන පෙළේ බැංකු අටක පවත්වාගෙන යන ගිණුම් 19ක් හරහා රුපියල් කෝටි ගණනක මුදල් සංසරණයවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබුණා.

පියුමි හංසමාලි නමැති නිරූපිකාව විසින් සැකසහිත අන්දමින් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ උපයාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයට අයත් බැංකු ගිණුම්, පෞද්ගලික සමාගම් ඇතුළු අනෙකුත් සියලුම දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාවට අයත් ප්‍රධාන පෙළේ බැංකු 8ක ගිණුම් 19ක් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය අධිකරණයෙන් පෙරේදා (18) අවසර ලබාගෙන තිබුණා.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා විසින් මෙම කාන්තාවට අයත් බැංකු ගිණුම් සහ දේපළ පරීක්ෂා කිරීමට අවසර ලබාදී ඇත.

කොළඹ සුපිරි පෙළේ නිවාසයක පදිංචි පියුම් හංසමාලි නමැති නිරූපිකාව රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමෙන් යුත් ජීප් රථයක් පාවිච්චි කිරීම, කොළඹ 7 සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, ප්‍රධාන පෙළේ බැංකු 8ක ගිණුම් 19ක් පවත්වාගෙන යෑම, පෞද්ගලික සමාගමක් විවෘත කිරීම ඇතුළු සැකසහිත මුදල් සහ දේපළ ඉපයීම් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත මහතා විජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *