දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා
ඔහු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ එම අමාත්‍යංශය මගින් නිකුත්කර තිබූ නිල රථ දෙකක් ඔහුට අමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසුව ඒවා නැවත භාර නොදී අවභාවිත කරන බවට සිවිල් පුරවැසියෙක් කරන ලද පැමිණිල්ලක් මතයි එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.