පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ දන්සැලක් අද ආරම්භ වුණා.
මේ දින දෙකක් පුරා නාරාහෙන්පිට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී පැවැත්වෙනවා.
යතුරුපැදි ත්රීරෝද රථ නොමිලේ සුසර කරදීම මෙහිදී සිදු කෙරෙනවා.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ ශ්රී ලංකාවේ ඇති වාහනවලින් වැඩි කොටසක් ඇත්තේ යතුරුපැදි හා ත්රී රෝද රථයි ඔවුන්ගේ ආර්ථික තත්ත්වය අනුව ක්රමානුකූලව තම රථය සුසර කර ගැනීමට ඔවුන් උනන්දුවන්නේ නැති බවයි.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් සිදු කරනු ලබනවා.
ශ්රී ලංකාවේ සිටින ප්රවීණතම මෝටර් රථ අලුත් වැඩියා කරන්නන් යොදාගෙන මෙම වැඩසටහන සිදු කෙරෙනවා.
වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්යක්ෂ දසුන් ජනක ගමගේ මහතා කියා සිටියේ ලංකාවේ ඇති වාහනවලින් වැඩිපුරම ඇත්තේ ත්රී රෝද රථ සහ යතුරු පැදී බවත්, ඔවුන්ට නිසි ආකාරයෙන් වාහනය පවත්වාගෙන යාම පිළිබඳව අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ බවයි.