Wed. Jun 25th, 2025

පාසල් ළමුන් රෝහලට යැවූ රනාලේ අනතුර

Jun19,2024

පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) අනතුරක් සිදුවී තිබෙනවා.

කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරියක් සහ ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් නවගමුව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *