Fri. Jun 27th, 2025

නටාෂා, බෲනෝ නිදහස්

Jun19,2024

බුදුදහමට අපහාස කිරීමේ චෝදනාවලින් නටාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර යන අය නිදහස් කෙරුණා.

මෝඩාභිමානය නැමැති වැඩසටහන තුලදී බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය නැමැත්තියට චෝදනා එල්ල වුණා.

එස්.එල්. ව්ලොග් නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ මෙම ප්‍රකාශ ප්‍රචාරය කරමින් ඊට අනුබලදීම සම්බන්ධයෙන් එහි හිමිකරු වන බෘනෝ දිවාකර නැමැත්තාටද චෝදනා එල්ල වුණා

නටාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර යන අය නීතිපති උපදෙස් මත නිදහස් කරන බවයි කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළේ.

ඒ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමකට අනුවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *