මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්රාවක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගැනුනා.
යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඕබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් සිදුකළා.
එහිදීයි ඉන්දීය ධීවර යාත්රාව සිය භාරයට ගැනීමට හැකිවුයේ.
එම යාත්රාව සමග ධීවරයන් 4 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැනුනා.
එම ධීවරයන් සමග කන්කසන්තුරය වරාය වෙත ධීවර යාත්රාව රැගෙන එනු ලැබුවා.
මේ වසර තුළ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවර යාත්රා 24ක් සහ ධීවරයින් 182 දෙනෙකු සිය භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.