මේ වසරේ අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මේ සංගනනය පැවැත්වෙන්නේ වසර 13 කට පසුවෙයි
ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවද වාර්තා වනවා.
අගෝස්තු මස 19 වැනිදාට යෙදෙන පොහොය දිනයද ඇතුළත්ව දින 02 ක් තුළ මෙම සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
සෑම වසර 10කට වරක් අලි සංගණනයක් සිදුකරන අතර, අවසන් සංගණනය සිදුකළේ පසුගිය 2011 වර්ශයේදී.
කොවිව් වසංගතය හේතුවෙන් 2021 වසරේ පැවැත්වීමට තිබූ අලි සංගණනය කල් දැමීමට සිදුවුණා.
මෙම සංගණනය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සහායද ලබා ගැනීමට නියමිතයි .