Sun. Jun 29th, 2025

දෙමටගොඩ කමල්ගේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Jun18,2024

දෙමටගොඩ කමල් නැමැත්තාට අයත් බව කියන අති නවීන ගිණිඅවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වු දෙමටගොඩ කමල් නැමැත්තා 2010 වසරේ දී පොලිසිය සමග සිදුවු වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට පත්වුණා.

ඔහු සතුව තිබු නවීන ගිණිඅවි දෙක සහ ඊට යොදන පතොරම් ගැබ් දෙකක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සහ හංවැල්ල යන ප්‍රදේශවලදීයි.

එම අවි සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හොරණ සහ හංවැල්ල පොලිසි වෙත භාරදී තිබෙනවා.

මෙය විශේෂ කාර්ය බලකාය මගින් මෑත කාලයේ සොයා ගත් විදේශයක නිෂ්පාදිත 70 වන ගිණිඅවිය බවයි එම බලකාය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *