Sat. Jun 28th, 2025

ශ්‍රීපාද කන්දෙන් පැන්න දිනේෂ් හමුවේ – දින 3ක් නිරාහාරව ඉදලා

Apr25,2024

ශ්‍රීපාද මහාමළුවෙන් පසුගිය 19 වැනි දින පහළට පැන අතුරුදන්වූ පුද්ගලයා රජමලේ වතුයායේ සිටියදී ඊයේ (24) සවස සොයා ගෙන තිබේ.

එම පුද්ගලයා හමුවන අවස්ථාවේ දින තුනක් නිරාහාරව සිටීම හේතුවෙන් විජලන තත්ත්වයෙන් පසු වූ බවත් එම නිසා එම පුද්ගලයා මස්කෙළිය රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය සඳහන් කළේය.

මස්කෙළිය රෝහලට ඇතුළත් කළ එම තුවාල ලැබූ පුද්ගලයා වැඩි දුර ප්‍රථිකාර සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත මාරු කර තිබේ.

හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිනි අවුරුදු 33ක් වයසැති දිනේෂ් හේමන්ත යන අය ශ්‍රීපාද මහමළුව වන්දනා කිරීමෙන් පසුව ශ්‍රීපාද මහමළුවෙන් පහළට පැන පසුගිය 19 වැනිදා සිට අතුරුදහන් විය.

එසේ අතුරුදන්වූ එම පුද්ගලයා සෙවීමේ කටයුතු ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා නල්ලතන්නිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළද ඔහු සොයා ගැනීමට නොහැකි විය.

එහෙත් එසේ අතුරුදන්ව සිටි එම පුද්ගලයා 24 වැනි දින සවස නල්ලතන්නිය රාජමලේ වතුයායේ සිටින අයුරු දුටු එම වතුයායේ පිරිසක් ඒ පිළිබඳ නල්ලතන්නිය පොලිසිය වෙත කළ දැනුම් දීමෙන් පසුව නල්ලතන්නිය පොලිසිය විසින් සීරීම් තුවාල ලබා ඇති එම පුද්ගලයා රැගෙන විත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී පාද උඩමළුවෙන් පැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් තමන්ට මතක නොමැති බවත් දිය පහරක් දිගේ දින තුනක් පහළට ඇවිදගෙන පැමිණි බවත් දිනේෂ් හේමන්ත පොලිසියට ප්‍රකාශ කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *