Sat. Jun 28th, 2025

ලක් මව රනින් සැරසූ වීරයෝ දිවයිනට

Jun17,2024

03 වන ආසියානු විසි කිරීමේ ශූරතා තරගාවලියට ( 2024 Asian Throwing Championships ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දකුණු කොරියාවේ මොක්පෝ ( Mokpo ) නුවර ඉකුත් 14 දින සිට 15 දින දක්වා ආසියානු රටවල් 20 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණා.

මෙම තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්ව සදහා සහභාගී වූ 21 හැවිරිදි , ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන රුමේෂ් තරංග මීටර් 85.45 ක විසි කරමින් ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම මෙම තරගාවලියේ වාර්තාවක් තබන්නට ද සමත් වුණා

මෙම විසි කිරීමේ දුර ඔලිම්පික් පරිසාදන මට්ටමට සෙන්ටි මීටර් 05 ක් අඩු වෙන් තිබූ අතර , මෙම විසි කිරීමත් සමග රුමේෂ් තරංග ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 09 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැකියාව ලැබුණා.

මීට අමතරව මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ දිල්හානි ලේකම්ගේ සහ සුමේධ රණසිංහ ද හෙල්ල විසි කිරීමේ ඉසව් සදහා ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *