2024 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද (17) පැවති ශ්රී ලංකා – නෙදර්ලන්ත තරගයේ ජය වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 83කින් නෙදර්ලන්තය පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්තය ශ්රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 118ක් පමණයි.