Sat. Jun 28th, 2025

ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

Jun17,2024

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නළයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කරන්නේ.

ලක්ෂයකට අධික නිවාස ඒකක සදහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර එය යථා තත්ත්වයට පත් කිරීම හැකි ඉක්මනින් සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න ප්‍රදේශයේ දී මෝටර් රථයක් ජල නළයක වැදී සිදුවු අනතුරකින් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *