Sun. Jun 29th, 2025

හජ් උත්සවය අදයි

Jun17,2024

මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදට (17දා) යෙදී තිබෙනවා.

ඊද්-උල්-අල්හා උත්සවය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය, මුස්ලිම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීමත් නැදෑ හිතමිතුරන් හා දුප්පතුන් අතර තෑගි බෝග බෙදාදීමත් සිදු කරනවා

අල්ලාහ් දෙවියන්ගේ ත්‍යාගවන්තකමට ප්‍රණාම ඉටු කිරීමට මස්ජිදයට යෑම ද හජ් උත්සවයේදී සිදු කිරීම ද විශේෂත්වයක්.

මේ අතර ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *