Sat. Jun 28th, 2025

කරාපිටිය ශික්ෂණ රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක්

Apr24,2024

කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදුකෙරිණි.

ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජපානයේ නිෂ්පාදිත අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT ස්කෑන් යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී ඇත.

එමගින් දිනකට CT ස්කෑන් පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේදී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදුකිරිමට හැකිවනු ඇති බවත් මේ හරහා දැනට CT ස්කෑන් පරීක්ෂණ කටයුතු සඳහා වන පොරොත්තු ලේඛණ අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවටද බලාපොරොත්තු වෙයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි වසර තුළ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් කෝටි 100ක වෙන් කර ඇති බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *