Mon. Jun 30th, 2025

විජයදාසට එරෙහි වාරණය යළි දිගු කරයි

Jun14,2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය අද (14) නියෝග කර තිබෙනවා.

දුමින්ද දිසානායක මහතා විසින් සරත් ඒකනායක, කීර්ති උඩවත්ත හා විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී වාරණ නියෝගය දීර්ඝ කෙරුණා.

වාරණ නියෝගයට එරෙහි විත්තියේ විරෝධතා සහ උත්තර ජූලි මස 18 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය දන්වා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *