ග්‍රීසියට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් සංචාරක ගමනාන්ත හා පාසල් රැසක් වසා දැමුණා.
සෙල්සියස් අංශක 43 කට වැඩි උෂ්ණතත්වයක් ග්‍රීසියෙන් වාර්තා වනවා.
මේ හේතුවෙන් ප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකක් වන පාර්තෙනොන් විහාරය ඇතුළත් ඇක්‍රොපොලිස් කඳුකරය ඊයේ දහවල් සිට වසා තිබෙනවා.
ඇතැන්ස් නගරයේ බොහෝ ප්‍රාථමික පාසල් හා ළදරු පාසල් ද දින දෙකක් වසා තබන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
ග්‍රීසිය යනු දේශගුණික අර්බුදයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ යුරෝපීය රටවලින් එකක්.
එය ග්‍රීෂ්ම සෘතුවේ ප්‍රථම තාප තරංගයටයි මෙවර මුහුණ දෙන්නේ.
සෞඛය කාර්ය මණ්ඩල හා වෛද්‍යවරුන් මේ වන විට ස්ථානගත කර තිබෙනවා.
උතුරු අප්‍රිකාව හරහා හමා එන උණුසුම් වාතය හා දූවිලි අංශු හේතුවෙන් මෙම උෂ්ණත්වයේ වැඩිවීම සිදුවනවා.