Sat. Jun 28th, 2025

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු තුනකට වාරණ නියෝගයක්

Apr24,2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කළේය.

එසේම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය නිකුත් කරනු ලැබීය.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසාවිනිසුුර සඳුන්විතාන මහතා විසින් මෙම වාරණ නියෝග නිකුත් කළේය.

මෙම වාරණ නියෝගය මැයි මස 08 දක්වා බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *