Sun. Jun 29th, 2025

ශ්‍රී ලංකාව ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් 03 අතරට

Jun14,2024

ෆෝබ්ස් සඟරාව 2024 වසරේ ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

විස්මිත වූ ආකර්ෂණීය විවිධතාවලින් සුන්දර වූ සොඳුරු දිවයින ස්වභාවික සුන්දරත්වයෙන්, සංස්කෘතියෙන් පොහොසත් ආසියාවේ සුන්දරතම පාරාදීසයක් වන අතර මේ අභිමානය බෙදා ගනිමින් සොඳුරු ඉසව් සොයා යාමට ලොවට ආරාධනා කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

සෙසු රටවල් ලෙස , ග්‍රීසිය සහ මොරිසස් රාජ්‍ය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කොවිඩ් වසංගතයට පෙර පැවැති තත්ත්වයට බොහෝ දුරට පැමිණ ඇතැයි ද එහි සඳහන්

. මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයන් මිලියන 285ක් ජාත්‍යන්තරව සංචාරය කර ඇතැයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දී තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක වැඩි වීමක් බව ද එහි සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *