ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ වාහන ආනයන සීමාවන් හෙට දිනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.
ඒ අනුව වාණිජ වාහන වලින් සාමාන්‍ය පරිදා ආනයනය ආරම්භ කර සියලු වාහනවල ආනයන සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත්කළ අයිඑම්එෆ් අරමුදලේ මෙරට ප්‍රධානී පීටර් බෲවර් මේ බව සඳහන් කළේය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියටත් කරගෙන යාමට ප්‍රමාණවත් ප්‍රගතියක් ඇති බවද පැවසූ ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයක පවතින නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ වල ගම්‍යතාවය තවදුරටත් පවත්වාගෙන යා යුතුව ඇතැයිද ප්‍රකාශ කළා.