ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැටලුවක් නොමැති බව එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඕනෑම රටක ප්රජාතන්ත්රවාදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු කරන බවය.
ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් IMF වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර නැවත කාලරාමුවක් සකස් කරගැනීම සිදුවෙන බවද ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි ඇගයීම සහ ‘ආටිකල් iv’ උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම අද (14) පැවැත්වූ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණි.