හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
2023 වසරේ සැප්තැම්බර් 17 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
වෙඩි වැදීමෙන් මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට අලාභ හානි සිදුවී තිබූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැහැ.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද සඳහන් කළේ.
වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ පොලිස් අධිකාරිවරයා මේ වන විට රටින් පිටව ගොස් ඇති බවත් වෙනත් පොලිස් නිලධාරියකු අත ඔහුගේ ගිනි අවිය පොලිසියට ආපසු භාරදී ඇති බවත් ඔහු පැවසීය.
කෙසේ වුවද මේ වන විට උද්දික ප්‍රේමරත්න මහතා එම වෙඩි තැබීමෙන් පසු කැනඩාවේ පදිංචියට යාම විශේෂත්වයක්.