Sun. Jun 22nd, 2025

ඩෙංගු පතුරුවන ටයිගර් මදුරු විශේෂය

Jun13,2024

යුරෝපා කලාපය තුළ ඩෙංගු රෝගය පැතිරී යාමට ටයිගර් ලෙස හැදින්වෙන මදුරු විශේෂය හේතුවී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ආසියා කලාපයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ ටයිගර් ලෙස හැඳින්වෙන මදුරු විශේෂයෙන් වන අතර එම මදුරු විශේෂය මේ වන විට යුරෝපයෙන් ද හමුවී තිබෙනවා.

යුරෝපා මහද්වීපයේ රටවල් 13 කින් එම මදුරු විශේෂය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශය / ස්පාඤ්ඤය / ග්‍රීසිය /ජර්මනිය හා ඉතාලිය ඇතුළු රටවල් 13 ක ඩෙංගු රෝගය මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම රටවලට පැමිනෙන සංචාරකයින් හරහා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාපත්ව විය හැකි බවටයි සෞඛ්‍ය අංශ බිය පල කරන්නේ.

මේ අතර ජුලි මාසය අග භාගයේදී ප්‍රංශයේදී ඔලිම්පික් තරගාවලිය ආරම්භවීමට නියමිත අතර ඩෙංගු රෝගයෙන් ඊට එල්ල විය හැකි බලපෑම මැඩ පැවැත්වීමට සෞඛ්‍ය අංශ පියවර රැසක් ගෙන ඇති බව ද සඳහන් .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *