අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් එළඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වා මහතා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර එම සැකකරුවන් ද එළඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.