Tue. Apr 29th, 2025

පොලිසිය යළි මහජන සහාය පතයි – ඔත්තුවක් දුන්නොත් ලක්ෂ 12ක්

ගණේමුල්ලේ සංජීව නැමති සංවිධානාත්මක අපරාධකරු ඝාතනය සඳහා ආධාර අනුබල දුන් පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති කාන්තාව අත්අඩංගුවට ගැනීමට ගැනීම සඳහා මහජන සහාය පතා පොලිසිය යළි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය තීරණය කර ඇත්තේ අදාළ සැකකාරිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමටයි.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක :

අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය -071-8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735

එසේම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *