Fri. Jun 27th, 2025

සෙව්වන්දි බෝට්ටුවෙන් ගිහින්?

Mar3,2025 #news #police

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ගණේමුල්ල සංජීව ඝාතනය මෙරටදී මෙහෙයවීමේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් ඇති බවට සැක මතුව තිබෙනවා.

ඇයට මෙරටින් පළා යාමට හැකි සියලු මාර්ග අවහිර කර ඇතත් මුහුදු මගින් ඉන්දියාව වෙත යෑමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින් ඇගේ සියලු තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබා දීමට පොලිසිය කටයුතු කර ඇතැයි සඳහන්.

කෙසේ වෙතත්, මේ දක්වා ඇය මෙලෙස පළා ගොස් ඇති බවට තහවුරු වී නැහැ. සංජීවට වෙඩි තබා ඝාතනය කර සති දෙකකටත් වඩා ඉක්ම ගොස් පසුබිමක මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට මේ දක්වා නොහැකි වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *