Fri. Jun 27th, 2025

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Feb28,2025 #deshabandu thenakoon

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළවයි.

මේ සම්බන්ධයෙන් 6314/ 23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *