මගනැගුම ආයතනයේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද එහි හිටපු නිලධාරින් දෙදෙනෙකු ලබන මස 03වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කර තිබෙනවා.
මගනැගුම ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අධිකාරි සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගි පුරගේ මයිකල් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි නියෝග කර අත්තේ.
2012 වසර සහ 2015 වසර අතර කාලසීමාව තුළ ව්‍යජ ලෙස ව්‍යාපෘති සඳහා මුදල් අනුමත කරමින් රජය මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සඳහා ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.