Fri. Jun 27th, 2025

වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා SDB බැංකුවෙන් ඉහළ පොලියක්

Feb27,2025 #sdb bank

SDB බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් උපරිම ප්‍රතිලාභ ලබා දීම සඳහා 2025 වසර සඳහා සිය ස්ථාවර තැන්පතු සඳහා ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් පස් අවුරුදු ස්ථාවර තැන්පතු සඳහා හොඳම පොලී අනුපාතයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

මේ විශේෂ ප්‍රවර්ධන සමය තුළ SDB බැංකුව පසු අවුරුදු ස්ථාවර තැන්පතු සැළසුම් සඳහා මාසික පොලිය ලබා ගන්නේ නම් 9.75% ක වාර්ෂික පොලී අනුපාතයකුත් කල් පිරීමේදී 13% ක පොලී අනුපාතයකුත් ලබා දෙනු ඇති බව සඳහන්.

ගනුදෙනුකරුවන්ට සිය ආයෝජනයන් සැළකිය යුතු අන්දමින් වර්ධනය කරගැනීමට අවස්ථාව සළසන මෙම අනුපාතයන් වෙනත් බොහෝ ආයතන විසින් ලබා දෙන අනුපාතයන්ට වඩා ඉහළ වන බවයි එම ආයතනය පෙන්වාදෙන්නේ.

SDB බැංකුවේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී චිත්‍රාල් ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස සඳහන් කළා.

“අපේ පස් අවුරුදු ස්ථාවර තැන්පතු සැළසුම් ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත සහ වෙළඳපොලේ පවතින හොඳම පොලී අනුපාතයන් හරහා හොඳම ප්‍රතිලාභ ලබා දෙන අනගි ආයෝජන අවස්ථාවක්. මේ සියල්ලටම අමතරව දිවයින පුරා SDB බැංකු ශාඛාවල සේවයේ නිරත, පාරිභෝගික සේවය වෙනුවෙන් කැපවුණු අපේ කාර්යය මණ්ඩලය ඔබේ මූල්‍ය ඉලක්ක ජයගැනීමට ලබා දිය හැකි සියළු සහය ලබා දීමට සැදීපැහැදී සිටිනවා.

ඔබේ ළඟම පිහිටි SDB බැංකු ශාඛාවට පිවිස හෝ 0115 411411 දුරකතන අංකයෙන් සතියේ දින 7 ම පැය 24 පුරාම ක්‍රියාත්මක අපේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතා අපේ පස් අවුරුදු ස්ථාවර තැන්පතු ක්‍රමය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපි ඔබට ආරාධනා කර සිටිනවා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *