ඇමරිකාවේ ආර් එම් පාක්ස් සහ ට්රයිස්ටාර් සමාගම් හවුල්කාරීත්වය යටතේ ෂෙල් වෙළද සන්නාමය සහිත මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අද අඹතලේ ප්රදේශයේ විවෘත කර තිබෙනවා.
ඒ, ඊට අදාළ සිල්ලර වෙළඳනාම බලපත්ර ගිවිසුමට පසුගිය මාර්තු මාසයේ දී අත්සන් කිරීමත් සමගයි.
ආර් එම් පාක්ස් පුද්ගලික සමාගම ශ්රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150 ක ජාලයක්, ෂෙල් ලෙස යළි සන්නාමකරණයට ලක් කර තිබෙනවා.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තිය ලෙස මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය එක්ව සිටියා.