කොළඹ – ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පෞද්ගලික ආරවුලක් මූලික කරගෙන ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑම ඊට හේතු වී ඇති බවයි.
මෙම පිහි ඇනුමින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.