මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්‍රදේශයේ අද උදෑසන 11ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය බුද්ධික මනතුංග මහතා පවසනවා.
මෙසේ වෙඩි වැදීමට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 36ක පුද්ගලයෙක්.
තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇතැයි වාර්තා වනවා