Sat. Jun 28th, 2025

දුප්පත්කමට තිත : ප්‍රජාශක්ති පෙරට

මෙරට දිළිඳුකම පිටු දැකීම සඳහා ප්‍රජා ශක්ති නම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වන විට වර්තමානයේ මෙරට මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර එම ජනගහනයෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන බව හඳුනාගෙන තිබෙනවා.

පසුගිය දශක කිහිපය තුළ දිළිඳුකම පිටු දැකීමේ සුබසාධන වැඩටහන මගින් සහන සලසන ප්‍රතිලාභීන් සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය ද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි සඳහන්.

මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතර කරලෙස බලපාන බැවින් අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *