ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැති 25 වියැති කතගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය පවසනවා.
ඝාතනය පිණිස උසාවිය තුළට ගිනි අවිය ගෙනැවිත් දුන් මෙම කාන්තාව එදින සිට මෙතෙක් අතුරුදන්ව සිටින අතර ඇය සොයා දෙන්නෙකුට මුදල් ත්‍යාගයක්ද පිරිනමන බව පොලිසිය පැවසුවත් මේ දක්වා ඇය සොයාගෙන නැහැ.
මෙවැනි පසුබිමක ඇගේ 48 වියැති මව සහ 23 වියැති සොයුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධයක් දැනගෙන වසන් කිරීමෙන් ඊට අනුබල දුන් බවට චෝදනා නගමින්.