Sat. Jun 28th, 2025

වාචාල කතා කියූ හේවගේට අගමැතිනියගෙන් දොස්

Feb24,2025

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අනුමත නොකරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

“එවැනි දේවල් අපි අනුමත කරන්නේ නෑ. අපේ පක්ෂ කෙනෙක් වුණත් වැරදි දේ හරියි කියන්න අපි උත්සාහ කරන්නේ නෑ…” යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියා.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කර ඇගේ නම වෙනස් කර ඇති බවට පුවත්පත් දැන්වීමක් පළකර ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරියට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදු කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *