Sat. Jun 28th, 2025

කොටහේනේ ඝාතන මහමොළකරු මෙත්සඳ සෙවණේදී දැලේ!

Feb24,2025 #news #police

කොටහේනේ ජංගම දුරකතන වෙළෙඳසැලක හිමිකරු ඝාතනය කිරීමේ සැලසුම මෙහෙයවූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ පෙදෙසේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මෝදර පදිංචි 28 හැවිරිදි අයෙක්. මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සමීප සබඳතා පවත්වමින් ඔහුගේ උපදෙස් මත මෙරට අපරාධ මෙහෙයවන්නෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *