Sat. Jun 28th, 2025

සියල්ලන් මවිත කරමින් බූන්දල වන මැදින් මහ රෑ හමු වූ දරුවා

Feb22,2025

හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ ඌරණීය ප්‍රදේශයේ කැළෑබඳ ප්‍රදේශයක සිටිය දී පිරිමි දරුවෙකු සොයාගෙන තිබෙනවා.

ඊයේ (21) රාත්‍රී 10.30ට පමණ වෙරළට ආසන්න කැළෑබද ප්‍රදේශයක සිටිය දී වයස අවුරුදු 12ක් පමණ වන මෙම දරුවාව බූන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව සඳහන්.

පසුව වනජීවී නිලධාරීන් විසින් මෙම දරුවාව හම්බන්තොට පොලීසියට භාරදී ඇති අතර අනතුරුව දරුවාව හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම දරුවා පිළිබඳව නිසියාකාර තොරතුරක් වනජීවී නිලධාරීන්ට සහ පොලිසිය ලැබී නොමැති අතර වනය තුළට පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

දරුවාගෙන් විමසීමේ දී ඔහු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි බව සඳහන් කර ඇති නමුත් වනජීවි නිලධාරීන් පෙන්වා දෙන්නේ බෙලිඅත්ත ප්‍රදේශයේ සිට මෙම වනෝද්‍යානයට කිලෝමීටර් 70කට වැඩි දුරක් ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *